දකුණු පළාත් මහ ඇමැති ශාන් විජයලාල් ද සිල්වා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බව පවසයි.
මේ බව දැනුම් දීමට ඔහු අද මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා ඇති අතර ඡන්දයට නොඑන හේතුව කුමක්දැයි පවසා නැති බවයි අප වාර්තාකරුවන් පවසන්නේ.
කෙසේ වෙතත් ඔහු ඡන්දයට එන බවට ඉගි පල කරමින් ඔහුගේ රුව සහිත පෝස්ටරයක් පසුගියදා ගාල්ල දිස්ත්‍රික්කයේ විවිධ ස්ථානවල ප්‍රදර්ශනය කර තිබුණි.







