FAST NEWS

24×7 Around the Globe

කාලගුණයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කෙරේ…

ඉදිරි පැය 48 තුළ  දිවයින වටා මුහුදු ප්‍රදේශ වල තද සුළං තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට නිවේදනය නිකුත් කරමීන් සඳහන් කරයි.

පුත්තලම සිට කොළඹ හරහා බලපිටිය දක්වා හා ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තද සුළං ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන්.

සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70 දක්වා වැඩිවිය හැකි බවත් මුහුදු ප්‍රදේශ විටින් විට  ඉතා රළු විය හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.