FAST NEWS

24×7 Around the Globe

තාජුදීන් ඝාතනයට රිමාන්ඩ් කර සිටි නාරාහේන්පිට OIC ට ඇප..

වසීම් තාජුදීන් ඝාතනයේ සාක්කි වසන් කළැයි දීර්ඝ කාලයක් රිමාන්ඩ් කර සිටි නාරාහේන්පිට අපරාධ විමර්ශන අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් පෙරේරා මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණ අධිකරණය අද (16) නියෝග කළේය.

සැකකරුගේ ඇප අයැදුම අද (16) කැඳවූ අවස්ථාවේදී එම නියෝගය නිකුත් කළ අතර රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් දස ලක්ෂයේ ශරීර ඇප තුනක් සුමිත් පෙරේරා මහතාට නියම විය.

ඔහුගේ විදෙස් ගමන් තහනම් කළ අතර සෑම මසකටම වරක් රහස් පොලිසියේ පෙනී සිටින ලෙස ද අධිකරණයෙන් නියෝග කෙරුණී.