FAST NEWS

24×7 Around the Globe

ජල මට්ටම පහතට ජල විදුලි නිෂ්පාදනය නැවතෙයි..?

දිවයිනට බලපා ඇති වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ජලාශවල ජල මට්ටම පහත වැටීමෙන් ජල විදුලිය නිෂ්පාදනය නවතා දැමීමට සිදුව ඇතැයි ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය සඳහන් කරයි.

එසේම මෙ වන විට ජලය උපයෝගී කරගෙන විදුලිය නිෂ්පාදනය කරනු ලබන්නේ ජලාශ මගින් පානීය ජල අවශ්‍යතා සහ කෘෂිකාර්මික අවශ්‍යතා සඳහා මුදාහරින ජලය උපයෝගී කරගෙන බවද එම සංගමයේ සඳහන් කරයි.

සමස්ත විදුලි ඉල්ලුමෙන් 18.6%ක් මේවනවිට පෞද්ගලික අංශයෙන් මිලදීගන්නා බවත්, වෙනත් ක්‍රියා සඳහා මුදාහරින ජලය උපයෝගී කරගෙන 11%ක විදුලි ප්‍රමාණයකුත්, නොරොච්චෝලේ තාප බලාගාරයෙන් 50%කුත් ලබාගන්නා අතර, ඉතිරි විදුලි ප්‍රමාණය ඩීසල් බලාගාර තුළින් ලබාගන්නා බවද එම සංගමය පෙන්වා දෙයි.

ඒ යටතේ කාසල්රී සහ මාවුස්සාකැලේ ජලාශවලින් අඹතලේ ජල පවිත්‍රාගාරයට මුදාහරින ජලය උපයෝගී කරගෙන විදුලිය නිෂ්පාදනය කරන බවත්, මීට අමතරව කොත්මලේ, වික්ටෝරියා, රන්දෙනිගල ජලාශ මගින් කෘෂිකාර්මික කටයුතුවලට මුදාහරින ජලයෙන්ද විදුලිය නිෂ්පාදනය කරන බවත් එම සංගම පවසයි.