FAST NEWS

24×7 Around the Globe

23 සිට 27 දක්වා දෙහිවල හා වැල්ලවත්ත අතර දුම්රිය මාර්ගය වැසේ..

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දෙහිවල සහ වැල්ලවත්ත දුම්රිය ස්ථාන අතර  පැරණි පාළමක් ඉවත් කර නව පාළමක් ඉඳි කිරීම හේතුවෙන්, එම මාර්ගය ලබන 23 වන දා සිට 27 වන දා දක්වා තාවකාලිකව වසා තැබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ලබන 23 වන දා රාත්‍රී 10.00යේ සිට ලබන 27 වන දින පෙරවරු 4.00 දක්වා දෙහිවල හා වැල්ලවත්ත අතර දුම්රිය මාර්ගය වසා තැබේ.

අදාළ කාල සීමාව තුළ මාතර, ගාල්ල හා අළුත්ගම සිට පැමිණෙන දුම්රියන් දෙහිවල දුම්රිය ස්ථානය දක්වා ධාවනය වන අතර එම ප්‍රදේශ සඳහා ගමන් ආරම්භය දෙහිවල දුම්රිය ස්ථානයෙන්  ආරම්භ කරන බවද සඳහන්.

එමෙන්ම කොළඹ කොටුවෙන් ආරම්භ වන දුම්රිය වැල්ලවත්ත දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය  කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි.