FAST NEWS

24×7 Around the Globe

ජාතික හෙළ උරුමය මැතිවරණයට එජාපෙන් එයි…

පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණ යටතේ  ජාතික හෙළ උරුමය තරග කරන බව එම පක්ෂයේ පළාත් පාලන කමිටුවේ සභාපති පූජ්‍ය බුදුගල ජිනවංශ හිමියෝ මාධ්‍ය වෙත පැවසූහ.

උතුරු නැගෙනහිර හැර අනෙකුත්  දිස්ත්‍රික්ක 18ක පළාත් පාලන ආයතන සියල්ල සඳහා අපේක්ෂකයන් ඉදිරිපත් කිරීම සඳහා මෙ වන විට අයදුම්පත්‍ර කැඳවා ඇතැයිද උන්වහන්සේ පැවසූහ.

එ අනුව අයදුම්පත්‍ර 300ක් පමණ පක්ෂයට ලැබී ඇති බවත්, එසේ අයදුම්පත්‍ර එවන ලද පුද්ගලයන් තෝරාගැනීමේ සම්මුඛ පරීක්ෂණ ලබන 18 වැනිදා පෙරවරු  9.00  සිට සවස 5.00 දක්වා බත්තරමුල්ල,පන්නිපිටිය පාරේ පිහිටි ජාතික හෙළ උරුමයප්‍රධාන කාර්යාලයේදී පවත්වන බවද උන්වහන්සේ කියා සිටියහ.

මේ දක්වා අයදුම්පත්‍ර ලබාගෙන නොමැති අයෙකු වෙත්නම් පක්ෂයේ ප්‍රධාන කාර්යාලයෙන් අයදුම්පත්‍ර ලබාගැනීමේ අවස්ථාව තිබෙන බවද ජිනවංශ හිමියෝ පැවසූහ.