FAST NEWS

24×7 Around the Globe

පොළොන්නරුවේ තැපැල් සේවය අද ඇණ හිටියි ?

පොළොන්නරුව ප්‍රධාන තැපැල් කාර්යාලය ඇතුලු තවත් උප කාර්යාල 21ක් සේවාවලින් අද (15) දිනයේ  ඉවත්වීමට තීරණය කළ බව සමස්ත ලංකා තැපැල් හා විදුලි පණිවුඩ සේවක සංගමය පවසයි.

පළුගස්දමන කාර්යාලයේ සේවකයෙකුට කිසියම් පිරිසක් පහරදීම සහ එම සේවකයා පහරදුන් අය අත්අඩංගුවට නොගැනීමට විරෝධය පළ කරමින් එම තීරණය ගත් බව එම සංගමය පවසයි.