වෙළෙඳපොළේ කිසි විටෙකත් සහල් හිඟයක් ඇතිවිය නොහැකි අතර ජනතාවට සහන මිලට සහල් ලබාදීම සඳහා නිසි ක්‍රමවේදයක් කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.
ජනාධිපතිවරයා සහ සහල් මෝල් හිමියන් හා සහල් ආනයනකරුවන් අතර හමුවක් 14 දා (ඊයේ) දහවල් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේය.
සහල් ආනයනයේදී ලබා දී ඇති බදු සහනය උපරිම අයුරින් පොදු ජනතාව වෙත ලබාදිය යුතු බව ද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.
වෙළෙඳපොළේ සහල් හිඟයක් ඇතිවීමට ඉඩ නොතබා සාමාන්‍ය ජනතාව පීඩාවට පත්නොවන අයුරින් සහන මිලකට ලබාදීම සියලු දෙනාගේ වගකීමක් බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.
දේශීය සහ විදේශීය සහල් සඳහා උපරිම මිල දෙකක් නියම කිරීමට ද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
එමෙන්ම අවශ්‍ය ඕනෑම අවස්ථාවක භාවිතයට ගත හැකිවන පරිදි සහල් මෙටි්රක් ටොන් ලක්ෂයක් රජය සතු ගබඩාවල පවත්වාගෙන යැමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා වෙත උපදෙස් දෙනු ලැබීය.
සහල් මෝල් හිමියන් මුහුණ දී ඇති ගැටලු සහ සහල් මිල පිළිබඳ පවතින ගැටලුවට ලබාදිය හැකි විසඳුම් පිළිබඳ යෝජනා ද මෙහිදී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කෙරිණි.
අමාත්‍යවරුන් වන රවි කරුණානායක, රිෂාඩ් බදියුදීන්, පී. හැරිසන් යන මහත්වරුන් ද ජනාධිපති ලේකම් පී. බී. අබේකෝන් මහතා ඇතුළු නිලධාරීහු ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.