FAST NEWS

24×7 Around the Globe

සේවයට වාර්තා නොකල ත්‍රිවිධ හමුදාවේ 1300ක් අත්අඩංගුවට..

2016 දෙසැම්බර් 31 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ඊයේ දින (13) වනවිට නිවාඩු නොලබා සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 1300 කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කොට ඇති බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක, යුධ හමුදා මාධ්‍ය අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

ඒ අනුව ඊයේ (13) දින වනවිට නිවාඩු නොලබා සේවයට වාර්තා නොකර සිටින යුධ හමුදා සාමාජිකයින් 984 ක් නාවික හමුදා සාමාජිකයින් 236ක් සහ ගුවන් හමුදා සාමාජිකයින් 14 අත්අඩංගුවට  මෙලෙස අත්අඩංගුවට ගැණුනු බව හෙතෙම පැවසීය.

මෙලෙස නිවාඩු නොලබා සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම පිළිබඳව කටයුතු නොකඩවා සිදුකරන බවද බ්‍රිගේඩියර්වරයා පැවසිය.

ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 42800ක් පමණ පිරිසක් මේ වනවිට නිවාඩු නොලබා සේවයට වාර්තා නොකර සිටින බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.