FAST NEWS

24×7 Around the Globe

එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් නායකත්වය ජෝ රූට් වෙත..

එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස ජෝ රූට් නම් කළ බ එංගලන්ත ක්‍රිකට් ආයතනය නිළ වශයෙන් නිවේදනය කර තිබේ.

පසුගියදා ඇලෙස්ටෙයාර් කුක් ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වු තනතුර සඳහා ජෝ රූට් නම් කර ඇත.

ජෝ රූට් 2015 වසරේ සිට කණ්ඩායමේ උප නායකයා ලෙස කටයුතු කර ඇති අතර , එ අනුව ලබන ජුලි මාසයේ දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ සිට ඔහු නායකත්වයේ පැවරීමට නියමීත බව පැවසේ.

එසේ එංගලන්ත කණ්ඩායමේ උප නායකයා ලෙස බෙන් ස්ටෝක්ස් නම් කර තිබේ.