FAST NEWS

24×7 Around the Globe

ජනපති හා සහල් මොල් හිමීයන් සමග සාකච්ඡා කර විසඳුම් දෙනවා – ඇමති රිෂාඩ්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ සහල් මෝල් හිමියන් සමග සාකච්ඡා පවත්වා ඇතිව පවතින සහල් මීල සම්බන්ධ ගැටළුට කඩිනම් විසඳුම් ලබාදෙන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා පැවසීය.

වව්නියාවේ පිහිටි සතොස මගින් රජයේ පාලන මිලට ජනතාවට සහල් ලබා දීම පිළිබඳ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් ඊයේ (13) දිනයේදී අමාත්‍යවරයා මේ බව පැවැසීය.

එසේම රටේ සහල් හඟයකට ඉඩ නොතබා රට පුරා පිහිටි සතොස හරහා ජනතාවට පාලන මිලට සහල් ලබා දීමට පියවර ගෙන ඇති බවත් මෙහිදි හෙතම සඳහන් කළේය.

‘‘සහල් ප්‍රවාහන ආදි කටයුතු සඳහා යුද හමුදාවේත් සහය ගත්තා.  පසුගිය දින වල සහල් මෝල් හිමියන් පාලන මිලට සහල් දෙන්න බැහැ කියල සහල් හංගල තියා ගත්තා. ඒ වගේම පසුගිය කාලයේ නියඟය නිසා ගොවිතැන් පාලු වුණා.

 මේ නිසා අපේ රජය තීරණයක් ගත්තා සහල් මෙට්‍රික්ටොන් දෙලක්ෂ පනස්දහසක් ආනයනය කරන්න ඒ සහල් අපි රජයේ පාලන මිලට ජනතාවට ලබා දෙන්න තීරණය කලා. එළැඹෙන අවුරුදු සමයේදී කිසිදු සහල් හිගයක් හෝ අත්‍යවශ්‍ය භාණ්ඩයක මිල වැඩිවීමක් සිදු නොවීමට වත්මන් රජය වගබලා ගන්නවා.”