FAST NEWS

24×7 Around the Globe

ලන්ඩන් උමං දුම්රිය වර්ජනයෙන් ජනතාව දැඩි දුෂ්කරතාවක.

එංගලන්තයේ – ලන්ඩන් නුවර උමං දුම්රිය ඇතුළු දුම්රිය ප‍්‍රවාහන වර්ජනයෙන් ජනතාව දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දෙන බව වාර්තා වෙයි.

මේ නිසා බස් රථ සහ බෝට්ටු සේවාවන්ට වැඩි ඉල්ලූමක් ඇතිවී තිබෙන බව සඳහන්ය.

උමං දුම්රිය වර්ජනය පැය 24 කින් නිමාවට පත්වීමට නියමිත වුව ද එරට වේලාවෙන් අද අලූයම දුම්රිය සේවා ආරම්භ වී නොමැති බව බි‍්‍රතාන්‍ය වාර්තා සඳහන් කළේය.

ලන්ඩනයේ දුම්රිය රියදුරන් සහ සේවකයන් වර්ජනයේ නිරත වන්නේ වැටුප් වැඩි කර ගැනීම සහ රාත‍්‍රී සේවා කාලය අඩු කර ගැනීමේ අපේක්ෂාවෙනි.