FAST NEWS

24×7 Around the Globe

සයිටම් සඳහා සිසුන් ගැනීම මාස 06 කට අත්හිටුවේ..

මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට සිසුන් ගැනීම මාස හයකට අත්හිටුවන්නැයි එම පාලනාධිකාරියට යෝජනා කිරීමට උසස් අධ්‍යාපන බලධාරීහු සහ වෛද්‍ය පීඨාධිපතිවරු අතර පැවති සාකච්ඡායකින් අනතුරුව ඊයේ (13) පස්වරුවේ එකඟතාවයකට පැමිණියහ.

මීට අමතරව අවසන් විභාගය සමත් සයිටම් සිසුන්ට රජයේ රෝහලකදී මාස කිහිපයක් සායනික පුහුණුව ලබා දීමටද එහි දී යෝජනා විය.

ඉන් පසුව එම සිසුන්ට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මගින් පවත්වන විභාගයකට පෙනී සිටීම අනිවාර්ය කිරීමට ද මෙහිදි යෝජනා විය.