FAST NEWS

24×7 Around the Globe

සෞඛ්‍ය ඇමතිට එරෙහිව GOMA වෙතින් චෝදනා..

සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා වෛද්‍ය සභාව හා රෝගී අයිතිවාසිකම් වලට පටහැනිව ක්‍රියාකර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (13)  නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරෙ සිටියේය.

ඒ අනුව වෛද්‍ය සභාව විසින් මීට පෙර සයිටම් ආයතනය නිරීක්ෂණය කරමින් ලබාදුන් වාර්තාව සම්බන්ධයෙන් ඇමතිවරයාගේ බලතල අනුව ක්‍රියාත්මක නොකිරීම හා වෛද්‍ය සභාවේ ප්‍රමිතිකරණ නිර්ණායක පාරදෘශ්‍යභාවයෙන් ක්‍රියාත්මක වන ආකාරය අමාත්‍යවරයා අධිකරණයට පැහැදිලි නොකිරීම තුළින්ද මේ බව පැහැදිලි වන බව එහි දක්වා ඇත.

මීට පෙර සිටි සෞඛ්‍ය ඇමතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන හා නිමල් සිරිපාලද සිල්වා යන මහත්වරුන් වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය පාර්මේන්තුවේ අනුමත කිරීමට ගත් උත්සාහයන් වැළැක්වීමට රාජිත සේනාරත්න මහතා කටයුතු කර ඇතැයිද ඔවුන් පෙන්වාදෙයි. පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තා පිළිබඳව අවධානය යොමුකළ විට එය මනාව පැහැදිලිවන බවද එහි වැඩිදුරටත් සඳහන් කර ඇත.