FAST NEWS

24×7 Around the Globe

සයිටම් අර්බුදය ගැන සෞඛ්‍ය ඇමැති හා වෛද්‍ය පීඨාධිපති හමුවක්…

සයිටම් අර්බුදය පිළිබඳ සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා සහ වෛද්‍ය පීඨාධිපතින් අතර විශේෂ සාකච්ඡාවක් බදාදා (15) පෙරවරුවේ කොළඹ සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පැවැත්වීමට නියමිත වාර්තා වේ.

සාකච්ඡාව සඳහා කොළඹ,පේරාදෙණිය,රාගම,මඩකලපුව,ජයවර්ධනපුර, යාපනය සහ කරාපිටිය වෛද්‍ය පීඨවල පීඨාධිපතිවරුන්ට ආරාධනා කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.