FAST NEWS

24×7 Around the Globe

ට්‍රම්ප්ගේ නව රජය සමග ශ්‍රී ලංකාව සාකච්ඡා අරඹයි…

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව රජය සමග ශ්‍රී ලංකාව නිල මට්ටමෙන් සාකච්ඡා ආරම්භ කර ඇති බව රජයේ ආරංචි මාර්ග පවසයි.

අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ප්‍රසාද් කරියවසම්ගේ මූලිකත්වයෙන් සාකච්ඡා ආරම්භ කර ඇති බවත් දැනටමත් දෙරටට බලපාන කරුණු කිහිපයක් පිළිබඳ  මූලික වටයේ සාකච්ඡා සිදු කර අවසන් බවද පැවසේ.

ඉදිරියේ දී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ කටයුතු සහ ශ්‍රී ලංකාවට එල්ල විය හැකි බලපෑම් පිළිබඳ මෙහිදී සාකච්ඡා කර ඇති බවද සඳහන්.

නිව්යෝර්ක් නුවර පැවති මෙම සාකච්ඡා සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාර්ශ්වය  නියෝජනය කරමින් විශේෂ නියෝජිතයින් පිරිසක් ද එක්ව ඇති බවද එම ආරංචි මාර්ග වැඩි දුරටත් පවසයි.