FAST NEWS

24×7 Around the Globe

අද රාත්‍රී සිට වියළි කාලගුණ තත්වයේ සුලු වෙනසක්

දිවයිනට බලපා පවතින වියළි කාලගුණ තත්වයේ සුලු වෙනසක් අද (13 දා) රාත්‍රියේ සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමීන් සඳහන් කරයි.

ඒ අනුව දිවයිනේ උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව පළාත සහ හම්බන්තොට දිස්ත්‍රික්කය ආශ්‍රිතව වැසිවාර කිහිපයක් ඇතිවන බව එම නිවේදනයේ සඳහන් වේ.

මීට අමතරව අනෙකුත් පළාත්වල වියළි කාලගුණික තත්වය තවදුරටත් පවතින බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වේ.