FAST NEWS

24×7 Around the Globe

සීමා නීර්ණ කමිටු වාර්තාව අද හෝ හෙට ගැසට් කෙරේ..

පළාත් පාළන මැතිවැරණයට ආදාළ සීමා නීර්ණ කමිටු වාර්තාව අද(13) හෝ හෙට(14)  දිනයේදී ගැසට් කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

එ අනුව අදාළ වාර්තාව ගැසට් කිරීම සඳහා අවශ්‍ය සියලු කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ නීති අංශය මඟින් සිදුකර අවසන් බව වාර්තා වෙයි.

සීමා නීර්ණය වාර්තාව මෙම මාසය ඇතුළත ගැසට් කරන බවට විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පසුගියදා අධිකරණයට දැනුම් දී ඇති අතර,ඒ අනුව අද හෝ හෙට දිනයේ අදාළ වාර්තාව ගැසට් කෙරෙනු ඇති බව පැවසේ.