FAST NEWS

24×7 Around the Globe

හඳුන්නෙත්ති කොප් කමිටුවට වැඩි බලතල ඉල්ලයි..

පාර්ලිමේන්තු ‍පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සතු බලතල පුළුල් කරන ලෙස හා මහජනතාවට සෘජුව සම්බන්ධ විය හැකි ලෙස ස්ථාවර නියෝග වෙනස් කරන ලෙස  ‍පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති කථානායක කරූ ජයසූරියගෙන් ඉල්ලා ඇත.

පාර්ලිමේන්තු ස්ථාවර නියෝග වෙනස් කිරීම සඳහා මේ වන විට කටයුතු ආරම්භ වී ඇති බැවින් සභාපතිවරයා මෙම ඉල්ලීම කර තිබේ.

ඒ අනුව කෝප් කමිටුව දැනට විමර්ශනය කරනා වියදම් පාර්ශ්වයට අමතරව ආදායම් ලැබුණු ආකාරය විමර්ශනය කිරීමට ඇති බලය, දැනට ඇති වාර්තා කිරීමේ බලතලවලට අමතරව ඊට එහා ගිය බලතල ලබාදිය හැකිද යන්න පිළිබඳව සභාවේ කටයුතු මාධ්‍යයට විවෘත කිරීම, මහජන අදහස් විමසීම, කරුණු දැක්වීමට අවස්ථාව සැලසීම යනාදී කරුණු පිළිබඳව බලය ලැබෙන පරිදි ස්ථාවර නියෝග වෙනස් කිරීමට යෝජනා කර ඇතැයිද සුනිල් හඳුන්නෙත්ති මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.