FAST NEWS

24×7 Around the Globe

ජනපති මෛත්‍රී නව ව්‍යවස්ථාවේ කෙටුම්පතක් ඉල්ලයි..

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කෙටුම් පතක් ලබන සතියේදී තමන්ට දෙන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රි ජයම්පති වික්‍රමරත්න මහතාට දැනුම් දී ඇත.

 ආණ්ඩුක්‍රම නව ව්‍යවස්ථාව සකස් කිරීම කඩිනම් කිරීම ජනාධිපතිගේ මේ ඉල්ලීමේ අරමුණ බව දැනගන්නට ඇත.

 නව ව්‍යවස්ථාව සකස් කිරීම සඳහා නම් කළ අනු කමිටු 6ක වාර්තා මේ වන විට ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය වෙත ලබා දී ඇත.

 ඒ පිළිබඳ පාර්ලිමේන්තුවේදී පසුගිය ජනවාරි මාසයේදී සාකච්ඡා කිරීමට නියමිතව තිබුණද තවමත් එය ප්‍රමාද වී ඇත.