FAST NEWS

24×7 Around the Globe

අකිලට වැඩ දී අගමැති රනිල් අනිද්දා ඕස්ට්‍රේලියා යයි..

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා ලබන 13දා (අනිද්දා) ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යයි.

අග්‍රාමාත්‍යවරයා රටින් බැහැරව සිටින කාලයේදී ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය ධුරයේ වැඩ බැලීම සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පත්කර තිබේ.

ඒ සම්බන්ධයෙන් වන ලිපිය අග්‍රාමාත්‍යවරයා විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත යොමු කර ඇත.