FAST NEWS

24×7 Around the Globe

වැරදි කරන අයට පොලීසියේ ඉඩක් නෑ…

 

වැරදි කරන නිලධාරීන්ට පොලීසියේ රැදී සිටීමට තමා අවස්ථාව ලබා නොදෙන බව පොලිස්පති පූජිත් ජයසූන්දර මහතා පවසයි.

අද(10) පෙරවරුවේ ඉමදූව නව පොලිස් ස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්  පොලිස්පතිවරයා මේ බව කියා සිටියේය.

476 වන පොලිස් ස්ථානය ඉමදුව නගරයේදී පොලිසිපති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන්  විවෘත විය.

ලංකාව පුරා පොලිස්  ස්ථාන 600ක් දක්වා වැඩි කිරීමේ වැඩසටහන යටතේ පොලිස් ස්ථාන ප්‍රමාණය ඉහළ නංවන බව පොලිස්පතිවරයා පෙන්වා දී ඇත.

අහංගම – හබරාදුව – යක්කලමුල්ල යන පොලිස් ස්ථාන වලට අයත් ග්‍රාමසේවා වසම් 29ක් එක්කර මෙම නව පොලස් ස්ථානය ආරම්භ විය.