FAST NEWS

24×7 Around the Globe

නව ව්‍යවස්ථාව ජනමත විචාරණයකට ලක් කෙරේ..

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාදක කරගමින් අලුත් ව්‍යවස්ථාවක් සකසන බවත්, එය ජනමත විචාරණයක් සඳහා ඉදිරිපත් කරන බවත් පාර්ලිමේන්තු සභා නායක උසස් අධ්‍යාපන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (09) පාර්ලිමේන්තුවේදී විමල් වීරවංශ මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසීය.

නව ව්‍යවස්ථාවක් සකස් කර එය ජනමත විචාරණයකට ඉදිරිපත් කරන බවට විදේශ ඇමැතිවරයා විදෙස් මාධ්‍යවලට කර ඇති ප්‍රකාශයේ සත්‍යා සත්‍ය බව වීරවංශ මහතා ප්‍රශ්න කළේය.

ඊට පිළිතුරු දෙමින් කිරිඇල්ල මහතා කීවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කර එය ජනමත විචාරණයකට ඉදිරිපත් කිරීමේ රජයේ තීරණය බවත් ඊට ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සහායද ලැබෙන බව ඔහු කීවේය.