FAST NEWS

24×7 Around the Globe

උ.පෙළට අයදුම්පත් බාරගැනීම 15 වෙන් අවසන්..

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් බාරගැනීම ලබන 15 වනදායින් අවසන් වන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ පුෂ්පකුමාර මහතා පවසයි.

ඒ අනුව එම දිනයෙන් පසුව ඉදිරිපත් කෙරෙන අයදුම්පත් කිසිඳු හේතුවක් මත බාරනොගන්නා බවද විභාග කොමසාරිස්වරයා අවධාරණය කර සිටියි.

මෙවර උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් බාරගැනීම පසුගිය ජනවාරි මස 23 වනදා ආරම්භ කෙරුණි.

පාසල් අයදුම්කරුවන්ගේ අයදුම්පත් විදුහල්පතිවරුන් මාර්ගයෙන් ද පෞද්ගලික අයදුම්කරුවන්ගේ අයදුම්පත්‍ර අයදුම්කරුවන් විසින් ද යොමු කළ යුතු බව විභාග කොමසාරිස්වරයා පවසයි.

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අගෝස්තු මස 08 වනදා සිට සැප්තැම්බර් මස 02 වනදා දක්වා පැවැත්වීමට නියමිතය.