FAST NEWS

24×7 Around the Globe

“ගැඹුරු ශාන්ත මුහුද තුළ භයංකාර දියවැල් ඇති බවට සැක කළ හැකියි” – මහින්ද

“ගැඹුරු ශාන්ත මුහුද තුළ භයංකාර දියවැල් යටින් ඇති බවට සියලු දෙනාටම සැක කළ හැකි බව පමණක්..”යැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පළාත් පාළන පාලන මැතිවරණය පිළිබදව අදහස් දක්වමීන් අද (9) මාධ්‍ය වෙත පැවසීය.

ඉදිරි පළාත් පාලන මැතිවරණය ගැන සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු මැතිවරණ කොමිෂන් සභාව හමුවීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා එසේ කීවේය.

‘‘අපි උත්සාහ දරනවා ඉතා ඉක්මනින් ඡන්දය තියන්න. මේ ගැසට් නිවේදන ලබන බදාදා නිකුත් කරන බව කියනවා, අපි බලාපොරොත්තු වෙනවා පනතේ පෙන්වූ සංශෝධන සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කර ජනතාවගේ මතයක් ගැනීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. නමුත් විවිධ කරුණු තිබෙනවා. පනතේ සංශෝධන අවසන් නෑ. නමුත් අදාළ සියලු පාර්ශව ඒ සඳහා කඩිනමින් ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවයක් තිබෙනවා. බැලූ බැල්මට විද්‍යාමාන වන පරිදි මෙය කල් දැමීමේ අවශ්‍යතාවයකින් කවුරුන් හෝ ක්‍රියාකරන බවට නිශ්චිත ප්‍රකාශයක් මැතිවරණ කොමිෂන් සභාවට නිකුත් කළ නොහැකියි,ගැඹුරු ශාන්ත මුහුද තුළ භයංකාර දියවැල් යටින් ඇති බවට සියලු දෙනාටම සැක කළ හැකි බව පමණක් කොමිෂන් සභාවේ මතයයි“ යැයි ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.