FAST NEWS

24×7 Around the Globe

පොදුජන පෙරමුණේ මැයි රැළිය ගාලු මුවදොරදී..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි දින රැළිය ගාලු මුවදොර පිටියේ දී පැවැත්වීමට තීරණය කළ බව එම පක්ෂයේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් මහතා අද (09) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

ඒ සඳහා ගාලු මුවදොර පිටිය ලබාදෙන මෙන් ඉල්ලමින් පක්ෂයේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා විසින් වරාය අධිකාරියේ සභාපතිවරයා වෙත ඉකුත් දෙවැනිදා ලිපියක් යැවු බව ද හෙතෙම පැවසීය.

එසේම එම රැළිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවත්වීමට බලාපොරොත්තු වන බව පිරීස් මහතා වැඩිදුරටත් පැවසීය.