FAST NEWS

24×7 Around the Globe

සයිටම් නිසා වෛද්‍ය පීඨ සිසුන්ට අසාධරණයක් වීමට ඉඩ දෙන්නේ නෑ.. – ජනපති

සයිටම්  පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය හේතුවෙන් කිසිඳු වෛද්‍ය පීඨ සිසුවෙකුට අසාධාරණයක් සිදුවීමට ඉඩ නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (09)  ආගරපතන- හුට්විල් වතුයායේ ඉදිවු ප‍්‍රථම වතු නිවාස ගම්මානය  වතුකම්කරු අයිතියට පැවරීමෙන් අනතුරුව තලවාකැලේ නගර සභා ක්‍රීඩාංගණයේදී පැවති ජනහමුවේදී පැවසීය.

‍මේ වන විට රටේ පෞද්ගලික විශ්වවිද්‍යාලවල සම්බන්ධයෙන් පැන නැගී ඇති විරෝධයන් සම්බන්ධයෙන් සියලුම පාර්ශවයන් සමඟ සාකච්ඡා කර දෙපාර්ශවයටම සාධාරණ විසඳුමක් ලබා දෙන බවද හෙතෙම මෙහිදසි අවධාරණය කර සිටියේය.