FAST NEWS

24×7 Around the Globe

අම්බලන්ගොඩ ත්‍රිපුද්ගල ඝෘතනයේ සැකකරුවන් ගිනි අවි සමග කොටු..

අම්බලන්ගොඩ, ඉඩම්තොට ප්‍රදේශයේ එකම පවුලේ මව,පියා සහ දරුවෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකෙරන පුද්ගලයින් දෙදෙනෙකු අද (09) අත්අඩංගුවට අම්බලන්ගොඩ පොලීසිය පවසයි.

පොලීසියට ලද ඔත්තුවකට අනුව සිදු කළ වැටලීමකදී මීටියාගොඩ ප්‍රදේශයේදී ඔවුන් අත්අඩංගුවට ගත් බවද පැවසේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ටී. 56 වර්ගයේ ගිනි අවියක්,එම උණ්ඩ 14ක්, මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක්,එම උණ්ඩ 06ක් සහ හෙරොයින් ග්‍රැම් 04ක ප්‍රමාණයක් ඔවුන් සතුව තිබි පොලීසිය බාරයට ගත් බවද පොලිසීය පවසයි.