FAST NEWS

24×7 Around the Globe

තිරසර සංවර්ධන පණත් කෙටුම්පත ඌවේදී සම්මත වෙයි..

ශ්‍රී ලංකා තිරසර සංවර්ධන පණත් කෙටුම්පත අද (09) ඌව පළාත් සභාවේදී ඡන්ද 21කින් සම්මත විය.

එම පනත විරුද්ධව ලැබුණේ ඡන්ද දෙකක් පමණක් ලැබුණු අතර පක්ෂව ඡන්ද විසිතුනක් ලැබුණී.

ඌව පළාත් සභා මාසික රැස්වීමට සභාපති ඒ.එම් බුදුධදාස විසින් ඉදිරිපත් කරමින් මෙම පණත පිළිබද අදහස් දක්වන ලෙස පළාත් සභා රැස්වීමට පැමිණ සිටි මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටි අතර අදහස් දැක්වීමෙන් පසු ඡන්ද විමසීම සිදුකලේය.

නමුත් පක්ෂ විපක්ෂ කිසිදු මන්ත්‍රීවරයකු මෙම පණත පිළිබදව අදහස් නොදැක්වූ අතර පසුව සිදුකරන ලද ඡන්ද විමසීමේදී ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ප්‍රමුඛ පැමිණ සිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු එකොළොස්දෙනා සමග එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු දොළොස්දෙනා පණතට පක්ෂව ඡන්දය ලබාදුන් අතර විරුද්ධව ජනතා විමුක්තිපෙරමුණේ මන්ත්‍රීවරු දෙදෙනා පමණක් ඡන්දය ප්‍රකාශ කලහ.

මෙම ඡන්ද විමසීම සිදුකරන අවස්ථාවේ ලංකා කම්කරු කොංග්‍රසය නියෝජනය කරන මන්ත්‍රීවරු තිදෙනාගෙන් කිසිවකු ත් සභා රැස්වීමට පැමිණ නොසිටියහ.