FAST NEWS

24×7 Around the Globe

සහල් ගැටළුව විසඳිමට ඇමති රිෂාඩ්ගේ නියෝගයෙන් කමීටු 02ක්..

මෙරට සහල් වෙළඳපොළෙ ඇතිව පවතින සහල් හිඟය සහ සහල් මීල ඉහළ යෑම යන ගැටළු සඳහා විසදුම් සෙවීමට සහ පිළියම් යෙදීම සඳහා කර්මාන්ත  හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදීයුදීන් මහතා සහ පාරිභෝගික සේවා අධිකාරීය අතර ඊයේ (09) සාකච්ඡාවක් පැවැත්වීණී.

එහිඳි අදාළ ගැටළු පිළිබඳ විමර්ශනය කර විසදුම් ලබාදීම සඳහා පාරිභෝගික සේවා අධිකාරීයේ නිළධාරීන්ගෙන් සමන්විත වු කමීටු දෙකක් පත් කිරීමට උපදෙස් ලබාදීමට ඇමතිවරයා විසින් මෙහිදි පියවර ගනු ලැබීය.

එ අනුව සහල් ආනයනකරුවන් පිළිබඳ තොරුතුරු රැස් කර ඔවුන් කෙතරම් සහල් ප්‍රමාණයක් ආනයනය කරන්නේද,එසේම එම ආනයනික සහල් මෙරට වෙළඳපොළට නිකුත් වන්නේ කෙසේද යන්න  ශ්‍රී ලංකා රේගුව සමග එක්ව විමර්ශනය කිරීම සඳහා එක් කමීටුවක් පත් කිරීමට මෙහිදි තීරණය කෙරුණී.

එසේම රජයේ වී අලෙවි මණ්ඩලය මෙරට සහල් වෙළෙදුන්ට නිකුත් කෙරෙන වී ප්‍රමාණයන් සහ එවා සහල් බවට පත් කර වෙළඳපොළට නිකුත් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමටද  කමීටුවක් පත් කිරීමට අමාත්‍යවරයා මෙහිදි උපදෙස් ලබා දුන්නේය.

තවද තවද ගැසට් මගින් නිවේදනයක් මගින් නිකුත් කෙරුණු සහල් පාලන මීල  වෙඳළපොළ තුල ක්‍රියාත්මක වන්නේදැයි සම්බන්ධයෙන් දිස්ත්‍රික් මට්ටමීන් සොයා බැලීම‍ සඳහා කර්මාන්ත  හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදීයුදීන් මහතා පාරිභෝගික සේවා අධිකාරීයට මෙහිදි වැඩිදුරටත් උපදෙස් ලබා දීමට කටයුතු කළේය.