FAST NEWS

24×7 Around the Globe

ගංගාරමය අවට විශේෂ රථ වාහන සැලැස්මක්…

කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහැර හේතුවෙන් අද (09) පස්වරුවේ ඒ අවට විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව පොලීසිය සඳහන් කරයි.

එ අනුව මෙම රථ වාහන සැලැස්ම පස්වරු පහේ සිට ක්‍රියාත්මක වන අතර එය හෙට දිනයේත් ක්‍රියාත්මක වේ.

ගංගාරාම විහාරස්ථානයෙන් ආරම්භ වන නවම් මහා පෙරහැර ශ්‍රීමත් ජේම්ස් පීරිස් මාවත, උත්තරානන්ද මාවත, නවම් මාවත ඔස්සේ නැවත විහාරස්ථානයට පැමිණීමට නියමිතව තිබේ.

එහෙයින් පෙරහැර විථී සංචාරය කරන කාලය තුළ එම මාර්ග  වෙනුවට ධර්මපාල මාවත, යුනියන් පෙදෙස, විනිසුරු අක්බාර් මාවත, ගාළුපාර යන විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය මහජනතාවට දැනුම් දෙයි.