FAST NEWS

24×7 Around the Globe

අර්ජුන් ගැන දූෂණ විරෝධීන්ගෙන් ජනපතිට ලිපියක්..

හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ පෞද්ගලික හා නිල වියදම් සම්බන්ධ කඩිනම් විමර්ශනයක් ගන්නැයි ඉල්ලමින් දූෂණ විරෝධී පෙරමුණ අද (08දා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යොමු කළේය.

ජනාධිපතිවරයාගේ අනුමැතියකින් තොරව අධිපතිවරයා  රුපියල් හයකෝටි හැටදෙලක්ෂයකට වැඩි මුදලක් වැය කිරීම සම්බන්ධයෙන් රහස් පොලීසිය හෝ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හරහා විමර්ශනයක් කිරීමට අවධානය යොමුකරන ලෙස එම ලිපියේ සඳහන් වේ.

ඒ අනුව පත්වීම් බලධාරියා ලෙස ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව මේ සම්බන්ධව විධිමත් තීරණයක් ගන්නා ලෙසත් එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.