FAST NEWS

24×7 Around the Globe

උපරිම සිල්ලර මිල ඉක්මවන සහල් වෙළඳුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග…

 

රජය විසින් පනවන ලද උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට සහල් අලෙවි කරන වෙළඳුන්ට එරෙහිව නීති ක්‍රියාමාර්ග ගන්නා බව මුදල් අමාත්‍යාංශය පැවැසීය.

ඊයේ(06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික සම්බා කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 80ක සහ නාඩු සහල් කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 70ක උපරිම සිල්ලර මිලක් නියම කෙරුණේ වෙළඳපොලේ සහල් මිල ඉහළ යාම වළක්වා ගැනීමේ පියවරක් වශයෙනි.