FAST NEWS

24×7 Around the Globe

දිවයිනේ බොහෝ පළාත්වලට වියළ කාලගුණික තත්වයක්..

දිවයිනේ බොහෝ පළාත්වල වියළි කාලගුණ තත්ත්වයක් සහ ශීත උදෑසන සහ රාත්‍රී කාලයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.

දිවයිනේ බස්නාහිර,සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල සමහර ප්‍රදේශවලට උදය කාලයේදී මිහිදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (06) නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.