FAST NEWS

24×7 Around the Globe

ජනපති මෛත්‍රී කැබිනට් සංශෝධනය පස්සට දායි…

නුදුරේම සිදු කිරීමට සැලසුම් කර තිබු  කැබිනට් ඇමති සංශෝධනය මාස කිහිපයකින් කල් දැමීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා තීරණය කළ බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හා එක්සත් ජාතික පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයින්  හා ජනාධිපතිවරයා අතර ඉකුත් සිකුරාදා (3) රාත‍්‍රියේ ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇතැයි වාර්තා වේ.

අමාත්‍යවරුන් කිහිප දෙනකුට එල්ල වී ඇති චෝදනා ද සැළකිල්ලට ගනිමින් කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුකිරීමට ජනාධිපතිවරයා මුලින් තීරණය කර තිබිණි.

එහෙත් ඉකුත් සිකුරාදා පැවති සාකච්ඡාවේදී ඇතිකරගත් එකඟතා මත කැබිනට් සංශෝධනය මාස කිහිපයකින් කල්දැමීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි එම ආරංචි මාර්ග වලින් වාර්තා වෙයි.