FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලංගම හිටපු සභාපති ශෂී වෙල්ගම යළි රිමාන්ඩ්..

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු සභාපති ශෂී වෙල්ගම මහතා  සහ නන්දන ප්‍රියන්ත මහතා ලබන 16 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට දුනුකොළ සැපයීමේදී රුපියල් කෝටි 12කට අධික මුදලක් වංචා කර සාපරාධී විශ්වාසය කඩ කළා යැයි කියන චෝදානවක් සම්බන්ධයෙන් මොවුන් දෙදෙනාව රහස් පොලීසිය විසින් පසුගිය දෙසැම්බර් 20 වන දා අත්අඩංගුවට ගනු ලැබුවේය.