FAST NEWS

24×7 Around the Globe

පොලිස් නිළධාරීන්ගේ වැටුප 40% කින් ඉහළට…

ශ්‍රී ලංකා ‍පොලිසියේ සියලුම නිලධාරීන්ගේ සහ නිලධාරිනියන්ගේ වැටුප සියයට හතළිහකින් වැඩි කිරීම මේ මස සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව ඉකුත් වසරේ පෙබරවාරි මාසයේ සිට සියලුම ‍පොලිස් නිලධාරීන්ගේ සහ නිලධාරිනියන්ගේ වැටුප් සියයට දාහතක ප්‍රමාණයකින් වැඩිකළ බැවින් ඉතිරි වී ඇති සියයට විසි තුනක ප්‍රමාණය මෙලෙස ඉහළ දැමීමට පියවර ගෙන ඇත.

‍පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සියලුම ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පතිවරුන්, නියෝජ්‍ය ‍පොලිස්පතිවරුන් ඇතුළු ‍පොලිස් නිලධාරීන් වෙත ලිපියක් යොමු කරමින් මේ ගැන දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ.

මෙම වැටුප් වැඩිවීම දීමනාවක් වශයෙන් සියලුම ‍පොලිස් නිලධාරීන් හා නිලධාරිනියන්ට හිමිවන බව ‍පොලිස්පතිවරයා යැවූ ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.