FAST NEWS

24×7 Around the Globe

විගණන පනත අප්‍රේල් මාසයේදී පාර්ලිමේන්තුවට…

විගණන පනත අප්‍රේල් මාසය තුළදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

ඒ  පිළිබඳ වන පනත් කෙටුම්පත නීතිපති දෙපාර්තමේන්තුව විසින් සකස් කර අවසන් කිරීමෙන් පසුව මුදල් අමාත්‍යාංශය වෙත යොමු කර නිරීක්ෂණ ලබාගැනීමට ද කටයුතු යොදා තිබේ.

එම නිරීක්ෂණ ද සැලකිල්ලට ගෙන නීතිපති දෙපාර්තමේන්තුව විසින් විගණන පනතේ අවසන් කෙටුම්පත සකස් කරමින් සිටී.

එහි ව්‍යවස්ථානුකූල බව තවදුරටත් තහවුරු කරගැනීමෙන් අනතුරුව ඉදිරි මස 2 තුළ පාර්ලිමේන්තුවට ඉදිපත් කිරීමට නියමිතය.

පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදයේදී ඉදිරිපත් කෙරෙන සංශෝධන ද පනතට ඇතුළත් කොට විගණන පනත පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීමට රජය සැලසුම් කර තිබේ.