FAST NEWS

24×7 Around the Globe

වැසි සහිත කාලගුණ තත්ත්වය හෙට සිට පහව යයි..

 

දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වය හෙට (31දා) සිට ක්‍රමයෙන් පහව යනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කෙසේ වෙතත් අද දිනයේදී උතුර, උතුරු – මැද, ඌව හා නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් වැසි ඇතිවිය හැකි  බව අද අලුයම 5.30ට නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

තවදුරටත් එම නිවේදනයේ දැක්වෙන්නේ සවස දෙකෙන් පමණ පසුව ඉහත සඳහන් කළ ප්‍රදේශවලට හැර අනෙකුත් ප්‍රදේශවලට වැසි ඇතිවිය හැකි බවයි.