FAST NEWS

24×7 Around the Globe

‘ආණ්ඩුව සමඟ සෙල්ලම් කරන්න එපා…’

 

සංහිඳියාව සහ සියලු ජාතීන්ගේ එකමුතුව වෙනුවෙන් පෙනී සිටින  ඕනෑම පාර්ශවයකට රජය සමඟ එක්ව ඉදිරියට ගමන් කළ හැකි බව ජාතික සහජීවනය සහ සංවාද පිළිබඳ අමාත්‍ය මනෝ ගනේෂන් ප්‍රකාශ කළා.

දැරණියගල ඊයේ(28) පැවති රැස්වීමකදී ඔහු කියා සිටියේ ආණ්ඩුව සමඟ අත්තනෝමතික අයුරින් කටයුතු කිරීමට කිසිවෙකුටත් ඉඩක් නොමැති බවයි.

ආණ්ඩුව බිඳ දැමීමට කරන උත්සාහයන් අසාර්ථක වන බවද ඔහු සඳහන් කළේ ආණ්ඩුව සමඟ සෙල්ලම් කරන්න එපා යැයි ද ප්‍රකාශ කරමින්.