FAST NEWS

24×7 Around the Globe

අද ප්‍රදේශ රැසකට වැසි…

 

අද(28) දිනයේදීත් දිවයිනේ බොහෝ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඇතැම් ස්ථානවල මිලිමීටර් 100 ට වඩා තද වැසි ද ඇතිවිය හැකි බවයි දෙපාර්තමේන්තුව නිවේදනය කලේ.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇතිවීමේ හැකියාවක් පවතිනවා.

මේ අතර ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී මුහුදු ප්‍රදේශවල සුළං වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 70 ත් 80 ත් දක්වා ඉහළ යාමේ අවධානමක් ද පවතින බැවින් එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රලුවීමේ හැකියාවක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කලේ.