FAST NEWS

24×7 Around the Globe

හම්බන්තොට ව්‍යාපාර ඇති කරන්න චීන රජය ඉල්ලුවේ නෑ…

 

චීන ව්‍යාපාර හම්බන්තොට කාර්මික කලාපය තුළ ඇති කිරිමට චීන රජය විසින් කිසි දිනක ඉල්ලා නොමැති බව චීනය පැවැසීය.

මේ පිළිබද අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යවරිය ප‍්‍රකාශ කර සිටියේ පසුගිය දා හම්බන්තොට කර්මාන්ත කලාපයක් ඇති කිරීමට එරෙහිව පැවති උද්ඝෝෂණය වැරදි වැටහීමක් නිසා ඇති වුවක් බවයි.

ශ‍්‍රී ලංකාව තුළින් ජනතාවට මේ පිළිබඳ නිවැරදි දැනුවත් කිරීමක් සිදු නොකිරීම හේතුවෙන් මෙවැනි තත්ත්වයන් ඇති වන බව බීජිංහි පැවති මාධ්‍ය හමුවකට ඇය සහභාගී වෙමින් පැවසු අතර ශ‍්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය ළඟා කර ගැනීමට තම රජය විසින් උපරිම සහයෝග ලබා දෙන බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරිණි.