ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මහමැතිවරණයේදී කොළඹ දිස්ත්රික්කයෙන් තරග වැදීමට තීරණය කර තිබෙනවා. එම පක්ෂයේ මහලේකම් ආනන්ද මානවඩු මහතා ප්රකාශ කළේ අනෝමා ෆොන්සේකා මහත්මිය ප්රජාතන්ත්රවාදී පක්ෂයෙන් ගම්පහ දිස්ත්රික්කයට තරග වදින බවයි.
ප්රධාන දේශපාලන පක්ෂ දෙකම දූෂිත පුද්ගලයින්ට නාමයෝජනා ලබාදීම නිසා තනිව මැතිවරණයට තරග කිරීමට පක්ෂය තීරණය කළ බවයි ආනන්ද මානවඩු මහතා වැඩිදුරටත් කියා සිටියේ.







