FAST NEWS

24×7 Around the Globe

විශේෂ ඩෙංගු මර්දන ජාතික වැඩසටහනක් අද ක්‍රියාත්මකයි…

 

අද(24) දින දිවයින පුරා විශේෂ ඩෙංගු මර්දන ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මෙම ඩෙංගු මර්දන වැඩසටහන ආරම්භ කර ඇත්තේ නියඟය පවතින ප්‍රදේශවල ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ වැඩි අවදානමක් පවතින බවට ලැබුණු තොරතුරු මතයි.

එම ප්‍රදේශවල ජනතාව එක්රැස් කරගන්නා ජල භාජන ඔස්සේ ඩෙංගු මදුරුවන් බෝවීම ඉහළ ගොස් තිබේ.

වසරේ ගතවූ දින කිහිපය තුළ ඩෙංගු රෝගීන් 2500ක් වාර්තාවී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කලේය.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ජාතික සම්බන්ධීකාරක වෛද්‍ය හසිත පෙරේරා කොළඹ ඊයේ(23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පවසා සිටියේ පසුගිය සති 3 තුළ ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබුණු බවයි.