FAST NEWS

24×7 Around the Globe

බැඳුම්කර කොප් වාර්තාවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්…

මහ බැංකු බැඳුම්කර ගණුදෙනුව පිළිබඳ නිකුත් කළ කෝප් කමිටු වාර්තාව අභියෝගයට ලක් කරමින් කෝට්ටේ නාලන්දාරාමාධිපති  පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර ඇති බව වාර්තා වේ.

කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති, එහි සාමාජිකයින් 26 දෙනා, මහ බැංකු අධිපතිවරයා සහ විගණකාධිපතිවරයා ඇතුලු තිස් දෙදෙනෙකු නම් කර තිබේ

අදාළ පෙත්සම හෙට හෝ ලබන 26 වනදා විභාගයට ගන්නා ලෙස නීතිඥවරුන් ඉල්ලා ඇති බවයි එක්සත් ජාතික භික්ෂු පෙරමුණේ ලේකම් පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් මාධ්‍ය වෙත සඳහන් කළේය.

බැදුම්කර සිද්ධිය පිළිබඳ විමර්ශනය කළ කෝප් කමිටුවේ වාර්තාව පසුගිය ඔක්තෝම්බර් මාසයේදි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ඒ සම්බන්ධයෙන් කල් තැබීමේ විවාදයක් හෙට දිනය පුරා පාර්ලිමේන්තුවේදි පැවත්වීමට නියමිතය.