FAST NEWS

24×7 Around the Globe

ඇමති ඒ.එච්.එම් ෆවුසි ජාතික රෝහලේ – නඩුව කල් යයි..

ආපදා කළමනාකරණ අමාත්‍යංශයට අයත් වාහනයක් පුද්ගලික පරිහරණය සඳහා යොදා ගනිමින් රජයට රුපියල් දස ලක්ෂයකට අධික අලාභයක් සිදු කළ බවට චෝදනා මත රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම් ෆවුසි මහතාට එරෙහි නඩුව සම්බන්ධයෙන් සාක්ෂි විභාගය අප්‍රේල් මස 05 සහ 06 දිනවල සිදු කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (23)  තීරණය කළේය.

රෝගී තත්ත්වයක් හේතුවෙන් ෆවුසි මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බැවින් අද දිනයේ අධිකරණයට ඉදිරිපත් නොවීය.

ආපදා කළමනාකරණ අමාත්‍යංශයට නෙදර්ලන්තයෙන් පරිත්‍යාගයක් වශයෙන් ලැබුණු රුපියල් කෝටි දෙකක් පමණ වටිනා ජීප් රථයක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයාට එරෙහිව  අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව මෙම නඩුව ගොණු කර තිබුණි.