FAST NEWS

24×7 Around the Globe

නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විරෝධතා 600ක්..

ඇමෙරිකාවේ නව ජනපති ලෙස දිවුරුම් දුන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ඇමෙරිකාව ඇතුළු රටවල් කිහිපයක් ලොව පුරා විරෝධතා රැලි 600ක් පවත්වා ඇතැයි විදේස් වාර්තා සඳහන් කරයි.

20 වැනි සිකුරාදා දින ඔහුගේ දිවුරුම්දීම පැවැති අවස්ථාවේ ලොව පුරා මෙසේ විරෝධතා පැවති බව එම වාර්තා සඳහන් කර තිබේ.

මෙම විරෝධතා වැඩි වශයෙන් සැලසුම් කර ඇත්තේ කාන්තා ක්‍රියාකාරී සංවිධානවලින් බවත් ට්‍රම්ප් පාලනය යටතේ කාන්තා අයිතිවාසිකම් අවදානමකට ලක්වීමේ ඉඩකඩක් පවතින බව එම සංවිධාන කියයි.

විශාලම විරෝධතාව පවත්වා ඇත්තේ වොෂින්ටන් නුවරය. කාන්තා අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය සැලසුම් කර තිබූ මෙම විරෝධතාවට 500000කට අධික පිරිසක් සහභාගි වී ඇත.