FAST NEWS

24×7 Around the Globe

ඇන්ජලෝ මැතිව්ස් අද දිවයිනට – ක්‍රීකට් පිටියත් අහිමී වෙයි..

දකුණු අප්‍රිකා සංචාරයේ නිරතව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් අද (23) රාත්‍රි යළි සිය රටට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

ඊයේ (22) ජොහැන්නස්බර්ග් නුවරදී ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැති දෙරට අතර දෙවැනි විස්සයි විස්ස තරගයේදි මැතිව්ස් පාදයේ ආබාධයකට ලක්විම මීට හේතුය බවද වාර්තා වේ.

ක්‍රිකට් ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇති පරිදි ශ්‍රී ලංකා නායකයාට සති දෙකක් හෝ තුනක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදුවන බවද වාර්තාවෙයි