FAST NEWS

24×7 Around the Globe

බැඳුම්කර ගනුදෙනු චෝදනා විමර්ශනයට ජනාධිපති කොමීසමක්..

මහ බැංකු බැඳුම්කර ගනුදෙනු සම්බන්ධ චෝදනා විමර්ශනය කිරීම සඳහා ජනාධිපති කොමිසමක් පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නීතිපතිවරයා වෙත මෙම උපදෙස් ලබාදී ඇති බව වාර්තාවේ.

මෙම සතිය තුළදී අදාළ කොමිසම පත් කරන ලෙසද ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ට්විටර් පණිවුඩයක දැක්වෙයි.

මේ අතර මහ බැංකු බැදුම්කර සිද්ධිය පිළිබඳ විවාදය හෙට 24 පාර්ලිමේන්තුවේදී පැවැත්විමට නියමිතය.

කල්තැබිමේ යෝජනාවක් ලෙස අදාළ විවාදය පැවැත්වීම ට නියමිත බව ද වාර්තා වේ.

කෙසේ වෙතත් මෙම ගැටළුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැඩි ස්ථාවරයක සිටින බව ද එම පක්ෂ ආරංචි මාර්ග පවසයි.