FAST NEWS

24×7 Around the Globe

කොළඹ-නුවර මාර්ගයේ අනතුරකින් දෙදෙනෙකු මරුට – 33 කට තුවාල.

අද (23) අලුයම 5.00 ට පමණ කොළඹ-නුවර මාර්ගයේ පස්යාල ප්‍රදේශයේදී බස් රථයක් හා කන්ටේනර් රථයක් එකිනෙක ගැටීමෙන් පස්යාල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 33 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

අනතුරින් තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා  වතුපිටිවල රෝහලට ඇතුළත් කර තිබේ.

මේ අතර අනතුර හේතුවෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින බැවින් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.